අධ්‍යාපන අමාත්‍යංශයෙන් අවලංගු කරන ලද චක්‍රලේඛයක් සහ උපෙදෙස් ලිපියක් කිසියම් පිරිසක් විසින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවලට සහ කලාප අධයාපන කාර්යාලයන්ට යවා ඇතැයි ද, එම ලේඛන තමන් විසින් නොයැවූ බව සහ අමාත්‍යංශයෙන් නිකුත් නොකළ ඒවා ලෙස සලකා කටයුතු කරන ලෙස ඉල්ලමින් අධ්‍යාපන ලේකම් ඝෝඨාභය ජයරත්න මහතා අදාළ ආයතන වලට ලිඛිතව දන්වා ඇතැයි එම අමාත්‍යංශ ආරංචිමාර්ග කියයි.
නිකුත් කිරීම අත්හිටවූ 2010 වසරේ 2010/38 අංකයෙන් ගුරු ආයතන පිළිබඳ සකස් කළ චක්‍රලේඛයක් සහ අංක 2005/4 චක්‍රලේඛයේ පොදු උපදෙස් සංග්‍රහය 2 නමින් උපදෙස් ලිපියක් මෙලෙස පාළාත් සහ කලාප කාර්යාලවට යවා ඇත.
සියලු පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභා ලේකම්වරුන්ටත්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ටත්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ටත්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ කලාප අධ්‍යාපන අධක්ෂවරුන්ට පසුගියදා ලිඛිතව දැනුම් දුන්නේ ගුරු ආයතන කටයුතු අවුල් කිරීමේ සැලසුමක කොටසන් එලෙස ලිපි යවා ඇති බවට අනාවරණය වෙමින් පවතින බවයි.
2010/38 යන්න අවලංගු කළ චක්‍රලේඛයක් ලෙසත්, 2005/4 චක්‍රලේඛයේ පොදු උපදෙස් 2 යන්න අධ්‍යාප අමාත්‍යංශයෙන් නිකුත් නොළ ලිපියක් ලෙසත් සලකා කටයුතු කරන්නැයි අධ්‍යාපන ලේකම්වරයා ඉල්ලා ඇත.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් යවන මුවාවෙන් එලෙස ලිපි යවා ඇත්නම් එය බරපතල වරදක් බවයි. එවැන්නක් සිදු කර ඇත්නම් අධ්‍යාපන අමාත්‍යංශයෙන් මූලික විමර්ශනයක් සිදු කර, වහා ඒ ගැන සොයා බැලීමට රහස් පොලීසියට පැවරිය යුතු බවත්, මෙතෙක් එලෙස නොපැවරීම ගැටලුවක් බවත්, මේ නිසා අපහසුතාවට පත්වූ පිරිස් ඇතොත් ඔවුන්ට සහන සැලසිය යුතු බවත් ස්ටාලින් මහතා සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඝෝඨාභය ජයරත්න මහතා පැවසුවේ ඒ ගැන සෙවීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. එය අවසන් වූ පසු තොරතුරු පැවසිය හැකි බව ද ඒ මහතා පැවසීය.