හොර ගුවන් ටිකට් ඉතාලියේ වැහි වහී


ඉතාලියේ ඇතැම් ශ්‍රී ලාංකික ගුවන් ටිකට් පත් වංචා ආයතන දිනෙන් දින ඉහළ යතියි   එරට ලාංකිකයෝ පවසති.

පසුගියදා වෙරෝනා නුවර ලාංකිකයකුට අයත් ගුවන් ටිකට් පත් අලවි සැලකින්  ගත් ගුවන් ටිකට් පත් පහක් අතැතිව වැනිස් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාව බලා පිටත්වීමට ගිය පස් දෙනෙකුට නැවත හැරී ඒමට සිදු විය.

එම ටිකට් ව්‍යාජ බව ගුවන්තොට නිලධරයෝ කීහ.

  එම   ගුවන් ටිකට් පත් විකුණු ආයතනයේ කිසිවෙකු මේ වන විට සොයා ගැනීමට නොහැකි බවත් එම ආයතනයේ තවත් ශාකා දෙකක් මිලානෝ හා රෝම නගරයන් හි පවත්වාගෙන යන බවත් ගුවන් ටිකට් පත් වංචාවට හසුවූවෝ  පවසති.