හොර ගයිඩ්ලා සංචාරකයන්ට හිස රදයක්


අවසර නොළත් සංචාරක මග පෙන්වන්නන් විදේශ සංචාරකයන්ගේ බඩු සොරා ගනිතියි සංචාරක පොලිසිය කියයි.

ඕස්ට්‍රේලියා සංචාරකයකුගේ ඩිජිටල් කැමරාවක් සොරා ගත් බව කියන එවැනි මග පෙන්වන්නකු ගැන වාර්තාවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් කියාසිටියේ සංචාරකයා පින්නවල අලි අනාතාගාරයට යද්දී මෙම කැමරාව සොරකම් කර ඇති බවයි.

කැමරාවේ වටිනාකම ඩොලර් 549කි (රුපියල් 72400ක් පමණ).

වරද පිළිගැනීමට එකඟ වූ ඔහු රුපියල් ලක්ෂයක ඇප මත මුදා හැරිණි.

ඕස්ට්‍රේලියා, ජපන් හා ජර්මන් සංචාරකයන්ගෙන් ඇපල් අයිෆොන් තුනක් සොරකම් කළැයි කියන තිදෙනකු ගැන ද පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.