හොර කප්පිත්තන් දෙන්නා කේරළ ගංජා ඇදලා


 හිර ගෙදර දී හමු වී මිතුරු වූ හිටපු ආබාධිත ගුවන් භටයකු හා හමුදා සෙබළකු යාපනේ සිට ගෙන ආ බව කියන කේරළ ගංජා තොගයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුරේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ගුවන් භටයා බදුල්ලේ රුපියල් කෝටි දහයමාරක බැංකු කොල්ලයකට ද, හමුදා භටයා අතුරුගිරියේ ගෙවල් කොල්ලයකට ද හවුල් වීමේ වරදට හිරේ ගිය අය බවත් පොලිසිය පවසයි.