හොර කච්චේරියක් හබරාදූවේ


ව්‍යාජ ලේඛන හා රබර් මුද්‍රා සමග සැකකරුවන් දෙදෙනකු හබරාදුවෙන් අත්අඩංගුවට ගැනීමට ගාල්ල හියාරේ පොලිස් විශේෂ බළකා කදවුර සමත්විය.

අතිරේක රෙජිස්ටාර්, විදුහල්පති, කෘෂි පර්යේෂණ නිලධාරි, විවාහ රෙජිස්ටාර් රබර් මුද්‍රා හයක්ද, උප්පැන්න සහතික හා ඒවා සැකසීමට භාවිතා කළ බවට සැකකරන ලැප්ටොප් පරිගණකයක්ද රබර් මුද්‍රා  සකසන යන්ත්‍රයක්ද සමග දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් විශේෂ බළකා අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති රන්ජිත් පෙරේරා මහතා හා කලාප අණදෙන නිලධාරි සහකාර පොලිස් සහකාර පොලිස් අධිකාරි රණසුරිය මහතාගේ උපදෙස් පරිදි ගාල්ල,මාතර,හා අධිවේගී අණදෙන නිලධාරි සහකාර පොලිස් අධිකාරි එල්.කේ.ඒ.රෝහණ මහතාගේ අධීක්ෂණය යටතේ වැටලීම සිදු විය.

අත්අඩංගුවට-ගත්පරිගණකය-හා-මුද්‍රා-යන්තරය--(1) අත්අඩංගුවට-ගත්-රබර්-මුද්‍රා-සටහන්