උප්පැන්න, මරණ සහ විවාහ සහතික ඇතුළු වෙනත් ලිපි ලේඛන හොරට සකසන පොතුහැර පදිංචි හැට දෙහැවිරිදි පුද්ගලයකු කුරුණෑගල ඔරලෝසු කණුව හංදියේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.
සැකකරු ළග තිබී රජයේ විවිධ තනතුරු දරන නිලධාරීන්ගේ රබර් මුද්‍රා කිහිපයක්ද, සකස් කරන ලද හොර සහතික කිහිපයක් සහ ඡායා පිටපත් යන්ත්‍රයක් ද අත්අඩංගුවට ගෙන ඇත.