පලාගල දොළ රක්ෂිතයක ඉඩමකට ව්‍යාජ ඔප්පු සහ පිඹුරුපත් සකසා රුපියල් ලක්ෂ විසි පහක් පමණ වටිනා කුඹුක්ගස් කපා විකිණූ බව කියන මහ මොළකරුවකු ඇතුළු හය දෙනෙක් අනුරාධපුර දිසාවන කාර්යාලයයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඉඩම තමන්ට අයත් යැයි ව්‍යාජ ඔප්පු සකසා ගත් තැනැත්තෙක් ද ඒ අතර සිටියි.
දේවහුව වාරිමාර්ග ව්‍යාපාරයට 1950 දී රජයට පවරාගත් ඉඩම් කට්ටියක අයිතිය පරම්පරාවෙන් තමන්ට පැවරුණු බවට පැරණි ඔප්පුවක් සහ ප්‍රකාශිත ඔප්පු ඉදිරිපත් කර දැව ප්‍රවාහන බලපත්‍ර ලබා ගැනීමට අනුරාධපුර දිසා වන කාර්යාලයට ඉල්ලුම් කළ අවස්ථාවේ ලේඛන පිරික්සීමේ දී මෙම වංචාව හෙලි කරගෙන ඇත.
බෝධිය බදුගේ නොයෙල් ලක්සිරි ප්‍රනාන්දු, වලකඩවත්තේ ගෙදර නිහාල් විජේසිංහ, රණසිංහ ආරච්චිගේ චන්දන රෝහිත රණසිංහ, දිසානායක මුදියන්සේලාගේ සරත් කුමාර යන දැව පටවමින් සිටි අයට ද, එම් ආර් සිරිසේන නම් ව්‍යාජ ඔප්පු සහ පිඹුරුපතේ හිමිරු ද , දැව ප්‍රවාහනයේ මෙහෙයුම්කරු වූ ඩ් ඩී ඩග්ලස් එඩ්ගා ද රුපියල් පහළොස් දහස බැගින් වූ ඇප මත කැකිරාව මහේස්ත්‍රාත් බුද්ධිනී අබේසිංහ මහත්මිය විසින් මුදා හරිනු ලැබූහ.

