හොර ඔප්පු හදා කල්පිටිය ආලන්කුඩාවේ අක්කර 92ක රජයේ ඉඩමක් විකිණීයැයි කියන හය දෙනකු පිළිබඳ ලිපි ගොනුව උපදෙස් පතා නීතිපතිට ඉදිරිපත් කළ බව රහස් පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට දැන්වීය.
ගැනුම්කරුවනට ව්‍යාජ නඩුතීන්දුවක් පෙන්වා මේ ඉඩම විකුණා ඇත.
ආලන්කුඩාව ජනප්‍රිය සංචාරක මධ්‍යස්ථානයකි.
හෝටල සමාගමක අධ්‍යක්ෂවරයකු බව කියන පුද්ගලයකු මේ ගනුදෙනුවට හවුල් බව පෙනේයැයි ද රහස් පොලිසිය මහේස්ත්‍රාත් හමුවේ ප්‍රකාශ කළේය.