එකම පවුලේ සිව්දෙනෙක් ඇතුළු පස් දෙනෙක් කොළඹ කොල්ලුපිටියේ රුපියල් හත් කෝටියක් වටිනා අනුන්ගේ ඉඩමක් රුපියල් හාර කෝටියකට විකිණීයැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
සැබෑ අයිතිකරු වන ලන්ඩනයේ පදිංචි දොස්තර බබාපුල්ලේ මහතා පැමිණිලි කර ඇත්තේ පර්චස් 14ක් වන තම ඉඩම හොර ඔප්පුවක් මගින් විකුණා ඇති බවයි.
පියා පුතුන් දෙදෙනා , ලේලියක හා බ්‍රෝකර් වරයෙක් මේ පිරිසට අයත් වෙති.
විවියන් රුද්‍රිගු, ප්‍රසන්න රුද්‍රිගු, ධම්මික රුද්‍රිගු, චින්තා රුද්‍රිගු හා ඊයේ අමරසිරි රිමාන්ඩ් කරනු ලැබූ අය වෙති.

