හොර අලි ප්‍රශ්නය නූල් බෝලයක් වෙයි


පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු මත පුද්ගලයන් සතුව සිටි ව්‍යාජ ලිපි ලේඛන සහිත අලින් පැටවුන් 3 දෙනකු තම භාරයට ගත් බව වනජීවි දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ජී.රත්නායක මහතා කියයි.

මෙම අලි පැටවුන් සුළු සිරීම් සහිතව සිටි බවත් කොළඹ ප්‍රසිද්ධ හිමිනමකට අයත් බව කියන නාරම්මල, දෙල්ගොඩ ප්‍රදේශයේ  විහාරයකින් සොයාගත් වයස අවුරුදු තුන හමාරක් පමණ වන අලි පැටවාගේ කකුල් වල බැද තැබීම නිසා වූ තුවාල තිබූ බවත්, බණ්ඩාරගම වීදියගොඩ ප්‍රදේශයෙන් හා අලව්ව තුල්හිරිය ප්‍රදේශයෙන්  තවත් අලි පැටවුන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පැවසීය.

වනජීවි භාරයට ගත් අලි පැටවුන් පින්නවල අලි අනාථාගාරයට භාර දීම සදහා ගෙන එමින් සිටියදි හදිසියේම එම තීරණය වෙනස් කර ඇති බවත් උඩවලව ඇත් අතුරු සෙවණට හෝ පින්නවල අලි අනාථාගාරයට භාර දිම සඳහා තීරණයක් ගත යුතු බව කියමින් නැවතත් අලි පැටවුන් ලොරි රථවලින් වනජීවි දෙපාර්තුමේන්තුව කරා ගෙන ගිය බවත් කියති.

BANDARAGAMA-ALI-PETAWAA-1 BANDARAGAMA-ALI-PETAWAA-2 BANDARAGAMA-ALI-PETAWAA-3 BANDARAGAMA-ALI-PETAWAA-4