හොර අඹ ගෝනි පිටින් හිරවෙයි


දඹුල්ල කළුන්දෑවේ අටක පමණ විශාල  අඹ වත්තක රුපියල් ලක්ෂ තුනක පමණ අඹ හොරෙන් කඩාගෙන ලොරියක පටවාගෙන ගිය බව කියන තරුණයෝ දෙදෙනෙක් දඹුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මේ වර්ගයේ අඹ ගෙඩියක සිල්ලර මිල රුපියල් 150ක් 200ක් වේ. කිලෝවක තොග මිල රුපියල් 300කි.

අඹ මිලට ගැනීමට ආ බව කියන පුද්ගලයාද සොයන බව පොලිසිය කියයි.

ටී.ජේ.සී යනුවෙන් හැඳින්වෙන මෙම වර්ගයේ අඹ ගෙඩියක් සාමාන්‍යයෙන් ග්‍රෑම් 600ක් බර බවත් ඕස්ට්‍රේලියාවෙන්, ෆ්ලොරිඩාවෙන් හෝ මලයාසියාවෙන් අසූව දශකයේ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නට ඇති බවත් කියති. මෙම අඹ ටී.ජේ.සී යනුවෙන් 2003 දී කෘෂිකර්ම  දෙපාර්තමේන්තුවේදී ලියාපදිංචි කර ඇති බවත් දැනගන්නට ඇත.

20160126_180142 20160126_180153 20160126_180209 20160126_180220