වියට්නාමයේ පැවති 11 වන එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය සහ හොඳම නළුවාට හිමි සම්මානය ඇතුළු සම්මාන පහක් හිමිකරගත් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ සිදුහත් චරිතයට පන පෙවු ඉන්දීය නළු ගගන් මලික් සහ චිත්‍රපටයේ නිෂ්පාදක නවීන් ගුණරත්න යන මහත්වරුන් එම සම්මානද රැගෙන අද අළුයම කටුනායන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් දිවයිනට පැමිණියහ.
එහිදී නිෂ්පාදක නවීන් ගුණරත්න මහතා විසින් හොඳම අධ්‍යක්ෂනයට හිමි වු සම්මානය නිතඥ සමන් වීරමන් මහතාටද, හොඳම සංස්කරණයට හිමි සම්මානය ප්‍රවීන් ජයරත්න මහතාටද, හොඳම සංගීත අධ්‍යක්ෂනයට හිමි වු සම්මානය ප්‍රදීප් රත්නායක මහතාටද බාර දුන්නේය.
සම්මාන උළෙල සඳහා රටවල් 95 ක නිර්මාණ ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකාවට ගෞරවයක් අත් කරදෙමින් දිවයිනට පැමිණි මෙම කලා ශීල්පීන්ව චිත්‍රපටි සංස්ථාවේ සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතා සහ බුද්ධ ශාසන අමාත්‍යංශයේ නිළධාරීන් විසන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබීය.
මෙම අවස්ථාවට එහි වැඩම කළ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝහිත හිමියෝද, ගංගාරාම විහාරාධිපති කිරින්දේ අස්සජි හිමියෝද පැල්පොල විපස්සි හිමියෝද, බෝගමුවේ නාලක හිමියෝද, බුද්ධ ශාෂන අමාත්‍යංශයේ ශ්‍රාස්ත්‍රපති කොලොන්නාවේ නාරද හිමියෝ ඇතුළු මහා සංඝරත්නය විසින් දිවියිනට පැමිණි මෙම කලා ශිල්පීන් වෙනුවෙන් එහිදී සෙත් පිරිත් සංජායනක්ද සිදු කළහ.
එහිදී මාධ්‍ය අමතූ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ ආශෝක සේරසිංහ මහතා
‘අපි සතුටු වෙන්න ඕනා කාරණා කිහිපයක් මෙහි තිඛෙනවා. පළමු දෙය තමයි ලෝක බෞද්ධ චිත්‍රපට උළෙලක් ජාත්‍යන්තරයේ පවත්වපු එක. අනිත් කාරණය එයට එක්සත් ජාතින්ගේ කාර්්‍යාලය සම්බන්ධ වීම සහ ජාත්‍යන්තරව පැවැත්වු ලෝක බෞද්ධ චිත්‍රපට උළෙලකදී ලාංකීය බෞද්ධ චිත්‍රපයටක් ජයග්‍රහණය කරපු එක.
මේ වන විට අද රටට බෞද්ධ පුනර්ජීවනයක් අවශ්‍යයි. එවැනි මොහොතක අපේ කලා ශිල්පීන් මෙවැනි බෞද්ධ චිත්‍රපටයක් ලොවට ඉදිරිපත් කිරීමත් එය ලෝක පුජිත තත්වයකට පත්ව තිබීමත් විශේෂයි.
එය සිද්ද වෙලා තියෙන්නේ මේ වෙසක් සඳ නගෙන මොහොතක. ඒ නිසා මම හිතන්නේ 2014 වෙසක් උත්සවය එළඹෙන්නේ ලංකාවේ සිනමා කර්මාන්තයටත් බෞද්ධයන්ටත් හොඳ පණිවිඩයක් අරගෙන.
බෞද්ධ චිත්‍රපටයක් ලෙස මෙය එළිදන්වන්න කාලයක් තිස්සේ පෙරුම් පුරන්න වුනා.
මට මතකයි 2006 මෙහි නිෂ්පාදන නවීන් ගුණරත්න මහත්තයා ඉන්දියානු අධ්‍යක්ෂකවරයෙක්ට ආරාධනාවක් කළත් එම අධ්‍යක්ෂකයරයාටත් බැරිවුනා මෙය අධ්‍යක්ෂනය කරන්න.
ඒ වගේම ලංකාවේ ප්‍රවීන කියන කිහිපදෙනකුටත් නවීන් ගුණරත්ව මහත්මයා මෙය බාරදුන්නා. ඒත් බැරිවුනා.
මම සතුටු වෙනවා මගේ සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් හිටපු සමන් වීරමන් මහතා චිත්‍රපට සංස්ථාවෙන් අයින් වෙලා ගිහින් මේ බාර දූර කාර්‍යයට අත ගැහුවට.
මේ සම්මාන උළෙලලේදී මේ සම්මානය අපි දිනන්නේ සිද්ධාර්ථ කුමාරයගේ කතා වස්තුවට. එවැනි කතාවකට සම්මාන දෙන්න තරම් අද ජාත්‍යන්තර සිනමා උළෙලවල් පැකිලෙන්නේ නැති තත්වයකට පත් වී තිබීම ගැන අපි ආඩම්බර විය යුතුයි.
අපි දැක්කා පහුගිය කාල වල ශ්‍රී ලාංකික විරෝධී, බෞද්ධ විරෝධී ඒවාට තමයි සම්මාන ලැබුනේ.
අද දවසේ අපිට සතුටු වෙන්න පුලූවන් බෞද්ධ චිත්‍රපටියකට මෙවන් සම්මානයක් හිමිවීම ගැන.‘
සිද්ධාර්ථ චරිතයට පන පෙවූ ඉන්දීය නළු ගගන් මලික්
‘වියට්නාමයේ පැවති මේ සම්මාන උළෙලේ තිබු සමස්ථ සම්මාන 12 න් සම්මාන 5 ක්ම ශ්‍රී ලාංකික බෞද්ධ චිත්‍රපටියකට දිනාගන්න හැකි වීම ගැන මම ආඩම්බර වෙනවා.
මේක මුළු ශ්‍රී ලංකාවටම ආඩම්බර විය හැකි අවස්ථාවක්. ඒ වගේම ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ ලොව හොඳම චිත්‍රපටිය ලෙස සම්මාන ලැබූ අවස්ථාවක්.
මම විශ්වාස කරනවා මේ රටේ යම් දෙයක් තිබුනා මෙම චිත්‍රපටයට මෙම සම්මානය හිමිකරගැනීමට.
බුදුන් වහන්සේගේ ධර්මය ලොව විවිධ රටවල පැතිරුනා. නමුත් ශ්‍රී ලංකාව වැනි පුංචි රටක් ආදරය, කරුණාව, මෛත්‍රිය හා සාමයේ පණිවිඩය ලෝකයට ගෙන ගොස් තිඛෙනවා.
මෙය මනුෂ්‍යත්වයේ ජයග්‍රහණයක් වගේම ජාතීන්ගේ ජයග්‍රහණයක්.
මෙයින් උසස් පණිවිඩයක් ලෝකයට ගිනියනවා. ආදරය, කරුණාව සහ සාමය ලොවට ගෙනයමින් තැනු මෙම චිත්‍රපටියට ලැබුනු මෙම සම්මානය ගැන අපි සියළු දෙනාම සතුටු වෙනවා.
මම විශ්වාස කරනවා මේ පණිවිඩයෙන් ලෝකයම වෙනස් කරන්න පුලූවන් කියා.
ඒ සඳහා මේක හොඳ ආරම්භයක්. ඉදිරියේදී මුළු ලෝකයම මේ චිත්‍රපටිය සමග අත්වැල් බැඳ ගනීවි යැයි මම සිතනවා.
ඇත්තෙන්ම මේක වානිජ චිත්‍රපටයක් නෙමෙයි. ලෝකයේ දැවන්ත රටවල් සමග පුංචි රටක් දැවන්ත සම්මානයක් හිමිකරගත් අවස්ථාවක් මේක.
ඒ වගේම ශ්‍රී ලංකා රජයටත් මෙය හොඳ අවස්ථාවක් සාමයේ පණිවිඩය ලෝකයට ගෙනියන්න. ඒ සඳහා මම උදව්කරන්න මග බලාගෙන සිටිනවා. මම ශ්‍රී ලාංකිකයන්ට වගේම ශ්‍රී ලංකාවටත් ගොඩක් ආදරෙයි‘

