හොඳම යාළුවෝ...


ලෝකයේ අංක එකේ කාන්තා යුගල ටෙනිස් ක‍්‍රීඩිකාව ලෙස මෑතදී ශ්‍රේණිගත කෙරුණ සානියා මිර්සා ඉන්දියාවේ ඒකල හා යුගල දෙකෙහිම පළමුවන ස්ථානයේ පසුවන්නීය. මේ සුපිරි ක‍්‍රීඩා තරුව හා බොලිවුඞ් තරුවක් වන පරිනිති චොප්රා අතර ඇත්තේ අපූරු මිතුදමකි. ඔවුන් දෙදෙනා එකටම සාදවලට සහභාගි වන අවස්ථා සුලබය. එමෙන්ම සානියා සහභාගි වන ටෙනිස් තරග නරඹන්නට ද ඉඩ ලැබෙන පරිදි යන්නට පරිනීති අමතක කරන්නේ නැත.

‘‘සානියා සහභාගි වෙන හැම තරගාවලියකටම ඉස්සර වෙලා මම ඇයට ජයග‍්‍රහණයම ප‍්‍රාර්ථනා කර ආශිර්වාද කරනවා. මගේ ආශිර්වාදය නැතත් ඇය ජයග‍්‍රහණය කරන බව මම දන්නවා. ඒත් මට ඒක නොකර බෑ....’’

පරිනීති පවසන්නීය.

‘‘මම සානියට ආශිර්වාද කරන්නේ මගේ ටෙනිස් පිත්ත ඇගේ හිස මත තියලා...’’

ඇය සිනාසෙමින් කියද්දී මාධ්‍යවේදියෙකු ප‍්‍රශ්නයක් නැගුවේය.

‘‘එයා ඒ ආශිර්වාදය පිළිගන්නවා නම් ඔයා රඟපාන්න යන්න ඉස්සර වෙලා ඔයාගේ දෙපා අල්ලලා ආශිර්වාද කරන්න එයාට සිද්ද වෙනවා නේද?’’

ඒ පැනයට නම් පරිනීතිට පිළිතුරක් තිබුණේ නැත.

news_1438836282_d0dffba168ce37307b174c_2