හොඳම නිළිය චාන්දනී : නළුවා දර්ශන්


චිත්‍රපට කර්මාන්තයට දායක වී සිටින කලාකරුවන් ඇගයීමේ අරමුණින්  ඒබීසී මාධ්‍ය ජාලය ප්‍රථම වරට සංවිධානය කළ ‘හිරු රන් සම්මාන 2014‘ කොළඹ සුගතදාස ශෘහස්ත ක්‍රිඩාංගණයේදී සෙනසුරාදා (25) පැවැත්විණි.

  වසරේ හොඳම නළුවා ලෙස ‘ඉනිඅවන්‘ චිත්‍රපටයේ රඟ පෑ දර්ශන් ධර්මරාජ් ද හොඳම නිළිය ලෙස  ‘නිකිණි වැස්ස‘ චිත්‍රපටයේ රඟපෑ චාන්දනී සෙනවිරත්න ද සම්මාන ලැබු අතර ජනප්‍රියම නළුවා සම්මානය අකිල ධනුද්ධරට සහ ජනප්‍රියම නිළිය සම්මානය යශෝධා විමල ධර්මට ද හිමි විය.

ජිවීතේ එක් වරක් පමණක් ලැබෙන හිරු රන් සම්මානය ප්‍රවීණ රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවආරච්චිට හිමි විය.

බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය අනිල් කපුර්,සුනිල් ෂෙට්ටි,බිපාෂා බාසු ,විවේක් ඔබ්රෝයි  සහ අල්කා යාග්නික් යන සුපිරි තරුද සම්මාන උළෙල විචිත්‍රවත් කිරීම සඳහා පැමිණ සිටියහ.

මාලනි ෆොන්සේකා සහ ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය භාරතීය රංගන ශිල්පි අනිල් කපුර්ට  විශේෂ රන් සම්මානයක් මහතා අතින් පිරිනැමුහ.

සම්මාන ලද්දෝ

හොදම නැඟී එන නළුවා - කර්ම ,නිකිණි වැස්ස චිත්‍රපටවල රඟ පෑ ජගත් මනුවර්ණ

හොදම නැඟී එන නිළිය  - නිකිණි වැස්ස -සුලෝචන වීරසිංහ

හොඳම අධ්‍යක්ෂණය - නිකිණී වැස්ස  - අරුණ ජයවර්ධන

හොඳම නළුවා  - සිරි පැරකුම් චිත්‍රපටය - ප්‍රමුදිත උදය කුමාර

හොඳම කෙටි චිත්‍රපට -ලබ්බෙතොවිල -තිසර ඉඹුලාන/චාඕ -ඉල්ෆාන්  හුසේන්

හොඳම  චිත්‍රපට පසුබිම් ගායකයා-අමරසිරි පීරීස් - (සමනළ සංධ්වනිය චිත්‍රපටය -‘ඉකි ගසා හඬන අතීතයක‘ ගීතය)

හොඳම පසුබිම් ගායිකාව - උරේෂා රවිහාරි (කුසපබා චිත්‍රපටය- ජලධාරාවෝ ගීතය)

වසරේ ජනප්‍රියතම චිත්‍රපටය - සිරි පැරකුම්

හිරු උත්තමාචාර සම්මානය - නැසී ගිය ප්‍රවීණ කලා ශීල්පි  ඇන්ඩෘ ජයමාන්න මහතා

හොඳම සහාය නළුවා -  අශාන් ඩයස් (සිරි පැරකුම්)

හොඳම සහාය නිළිය- නිරංජනා ශංමුගරාජා (ඉනිඅවන්)

හොඳම සංස්කාරක ශිල්පී - අජිත් රාමනායක(ඉනි අවන්)

හොඳම තිර රචනය - අරුණ ජයවර්ධන (නිකිණි වැස්ස)

හොඳම කැමරා අධ්‍යක්ෂණය - පාලිත පෙරේරා (කර්ම)

හොඳම අධ්‍යක්ෂණය - අශෝක හඳගම (ඉනිඅවන්)

හොඳම නර්තන වින්‍යාසය-ගයාන් ශ්‍රී මාල් (සුපර් සික්ස්)

හොඳ පරිගණක දෘෂ්‍ය ප්‍රයෝග -බුඩ් කීර්තිසේන (මාතා)

හොඳම ශබ්ද සැලසුම්කරණය-ලයනල් ගුණවර්ධන සහ ශෂික සඳරුවන් (කර්ම)

හොඳම ගී පද රචනය-අමිල තේනුවර (සමනළ සංධ්වනිය,ඉකිගසා හඬන අතීතයක ගීතය)

හොඳම චිත්‍රපට පසුබිම් සංගීතය - නදීක ගුරුගේ (නිකිණි වැස්ස චිත්‍රපටය)

ජනප්‍රියම ගීතය- සමනල සංධ්වනිය ඉකිගසා හඬන අතීතයක ගීතය

වසරේ හොඳම චිත්‍රපටය - ඉනිඅවන්

1.jpgvvvv RDS_6420 RDS_6520 RDS_6633 RDS_6735 RDS_6775 RDS_6840 RDS_6849 RDS_6946 RDS_6960 RDS_6970 RDS_6982 RDS_6991 RDS_7000 RDS_7041 RDS_7048 RDS_7071 RDS_7101 RDS_7113 RDS_7116 RDS_7141 RDS_7160 RDS_7173 RDS_7215 RDS_7229 RDS_7240 RDS_7254 RDS_7282 RDS_7292 RDS_7323 RDS_7378 RDS_7409 RDS_7416 RDS_7421