හොඳට ඉගෙන ගන්න


විදේශ ශ්‍රමිකයකු ලෙස සේවය කරන මවට හෝ පියාට කරන ලොකුම ගෞරවය වන්නේ උගතකු බුද්ධිමතකු වී විදේශයන්හි සේවය කරන්නට අදිටන් කර ගැනීම යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අරලියගහ මන්දිරයේදි අද (08) පැවසීය.

විදේශ රට වලට ගොස් මව හෝ පියා කරන ශ්‍රම පරිත්‍යාගය වෙනුවෙන් අනාගත පරපුර උසස් වෘත්තීයක් ලබාගැනීමේ අධිෂ්ඨානය ඇති කර ගත යුතු බවද ජනපති කීවේය.

විගමනික දෙමාපිය දූ දරු ශිෂ්‍යත්ව ජාතික මහෝත්සවය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සංවර්ධන නිලධාරීන්හට පරිගණක ලබා දීමේ වැඩසටහන සහභාගි වෙමින් ජනපති මේ බව කීය.

DSC_0249 DSC_0284 DSC_0341 DSC_0364 DSC_0389