රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කොට බුලත්සිංහල අතුර ශ්‍රී ඤාණාලෝක මහ පිරිවෙන් විහාරස්ථානයේ ඉදිකළ බුදු මැදුර හා චෛත්‍ය විවෘත කිරීමත් බුදු පිළිමයේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනයත්, වසර හතලිස් එකක් බර එසවීමෙන් දරු පවුලක් නඩත්තු කළ බුලත්සිංහල කන්දගේ ධනපාල (66) මහතා අතින් සිදු විය.
ශ්‍රී ඤාණාලෝක මහා පරිවේනාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක යටගම් පිටියේ ඤාණාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි මේ පිංකම සංවිධානය කැරිණි.
තුන්දරු පියකු වු ධනපාල මහතා නාට්ටාමි රැකියාවක් කොට දරුපවුල රැක බලා ගනියි.
ඔහුගේ බිරිය හේවාගමගේ දොන් විමලාවතී ජයවර්ධන මහත්මියයි.
ධජ පතාක රැගත් පෙරැහැරකින් ධනපාල මහතා විහාරස්ථානයට කැදවාගෙන ඒමෙන් පසු පින්කම සිදු විය.
පරිත්‍යගශීලීන්ගේ ආධාර මත මෙම විහාරස්ථානය ඉදි කෙරිණි.
යටගම්පිටියේ ඤාණාලෝක හිමියෝ මෙසේ පැවසුහ.
‘‘රටේ දැන උගත් බොහෝ දෙනාට ප්‍රභූ බවේ ඇත්ත නොවැටහිම කනගාටුවට කරුණක්. මිලමුදල්, අලිඇතුන්, යාන වාහන, නිලතල නම්බුනාම තිබු පමණින් කෙනෙකු ප්‍රභූවරයකු වන්නේ නැහැ.අද මේ විහාර ගෙය විවෘත කළ ධනපාල මහතා කිසිදාක බොරු නොකියන අවංක නිහතමානී ගුණ ඇති ආදර්ශමත් පුද්ගලයකු නිසා ඔහු ප්‍රභූවරයකු ලෙස සැලකිය හැකියි.‘‘
1943 සැප්තැම්බර් 15 වැනිදා උපත ලැබු ධනපාල මහතා සමුපකාර සංගමයේ සේවය කළේය.