අපද්‍රව්‍ය වලින් තොරව නිසි ප්‍රමිතියකින් කුරුදු නිශ්පාදනය කිරීමට පපියවර ගන්නේ නම් ඉහළ මිලක් ලබා ගැනීමට හැකි වෙතියි දෙයියන්දර කුරුඳු ව්‍යාපාරිකයෝ පවසති.
කුරුඳු ගස් වල සුඹුල හොදින් ඉවත් නොකිරීම , කුරුඳු තැලීමේදි එකතු වන අපද්‍රව්‍ය කුරුඳු කෝටු අතරට දැමීම ආදී කරුණු නිසා කුරුඳු වල තත්වය බාල වන බවත් මේ පිළිබඳව කුරුඳු ඉඩම් හිමියන් හා කුරුඳු තැලුම් කරුවන් දැනුම්වත් කළත් ඒ පිළිබඳව ඔවුන් උනන්දු නොදැක්වීම කණගාටුවට කරුනක් බව ද ඔවුහු කියති.
මේ දිනවල කුරුඳු කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 50-150 අතර ප්‍රමාණයකින් අඩු වී ඇතැයි පවසන කුරුඳු ව්‍යාපාරිකයෝ ඇල්බා වර්ගයේ කුරුඳු කිලෝව රුපියල් 2050 කටද සී 4 හා 5 රුපියල් 1200 කටද ,ගොරෝසු සාමාන්‍ය වර්ගය රුපියල් 1000 කටද මිලදී ගන්නා බව සදහන් කරති.