අයි. පී. එල්. තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල අතර අද (22 වැනිදා) පැවති තරගයේදී සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල කඩුලූ 4 කින් පරාජය කිරීමට රාජස්ථාන් රෝයල්ස් පිල සමත්විය.
ඒ අනුව ඔවුන් අවසන් මහ තරගයට සුදුසු කම් ලබාගැනීමට නම් ලබන සිකුරාදා (24 වැනිදා) මුම්බායි ඉන්දියන්ස් පිල සමග තරග වැදී ඉන් ජයගත යුතුය.
තරගයේ වීරයා බවට පත්වූ බ‍්‍රැඞ් හොජ් පන්දු 28 කදී නොදැවී ලකුණු 54 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
රාජස්ථාන් පිල පළමු ඕවර 10 අවසානයේ ලකුණු 57 කට කඩුලූ 5 ක් දැවී අසීරු අඩියක පසුවූ අවස්තාවේ පිටියට පිවිස, වේගවත් පිතිහරඹයක නියැළුණ බ‍්‍රැඞ් හොජ්, ඩැරන් සැමී යැවූ අවසන් ඕවරයේ පළමු පන්දු දෙකටම හයේ පහර 2 ක් එල්ල කරමින් තම පිලට ජය ගෙනාවේය.
මෙම පරාජයත් සමග සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිලට තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදුවූ අතර හයිද්‍රාබාද් පිලේ හිටපු නායක කුමාර් සංගක්කාරට මෙම තීරණාත්මක තරගයේදීත් තම ස්ථානය අහිමිවිය.
පන්දු 6 කට පමණක් මුහුණ දුන් තිසර පෙරේරාට හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලබාගතහැකි වූයේ ලකුණු 11 ක් පමණි. ඕවර 3 ක් යවා ලකුණු 14 ක් දුන් නමුත් කඩුල්ලක් දවාගැනීමටද ඔහු අසමත්විය.
සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 132
(ශිකාර් ධාවාන් 33, කැමරන් වයිට් 31, ඩැරන් සැමී 29, තිසර පෙරේරා 11, බිලාබ් සමන්ති‍්‍ර 14, වික‍්‍රම්ජීත් මලික් 14/2)
රාජස්ථාන් රෝයල්ස් පිල ඕවර 19.2 කදී කඩුලූ 6 ට 135
(රාහුල් ද්‍රාවිඞ් 12, අජන්ක්‍යා රහනේ 18, ශේන් වොට්සන් 24, සන්ජු සැමිසන් 10, බ‍්‍රැඞ් හොජ් නොදැවී 54, ජේම්ස් ෆෝල්ක්නර් නොදැවී 11, ඩැරන් සැමී 27/2)
(*)