හොකී ක්‍රීඩකයන්ට උසාවියෙන් වීසා තහනමක්


ශ්‍රී ලංකා හොකී කණ්ඩායම දකුණු ආසියා සාර්ක් හොකී තරගාවලියට සහභාගීවීමට ඉන්දියාවට යෑම සඳහා වීසා දීම වළක්වමින් කොළඹ දිසා විනිසුරු පී.ඩී.ගුණසේකර මහතා අද (3) නියෝගයක් නිකුත් කළේය.

මාතලේ ක්‍රීඩක දිලූක වීරසූරියගේ පෙත්සමක් අනුව මේ පියවර ගැනිණි. වගඋත්තරකරුවනට ලබන 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද දිසා විනිසුරු නියෝග කළේය.