හොකී කණ්ඩායමේ වාරණය ඉවතට


ඉන්දියාවේ ඇසෑම්හිදී ලබන පස් වැනිදා ආරම්භ වන දකුණු ආසියා ක්‍රීඩා උළෙලට සහභාගීන ජාතික හොකී පිරිමි කණ්ඩායමේ සාමාජිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර ඉන්දීය වීසා සඳහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ඉදිරිපත් කිරීම වළක්වලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කල වාරණය  ගාස්තුවට යටත්ව විසුරුවා හැරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ටී ඩී ගුණසේකර මහතා  අද නියෝග කළේය.

 වාරණයට එරෙහිව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගොනු කැරුණු මෝසමක් සලකා බලමින් එම වාරණය විසුරුවා හැරීමට ප්‍රධාන දිසා විනිසුරුවරයා තීන්දු කළේය.

ශ්‍රී ලංකා හොකී කණ්ඩායමේ උපනායක ලෙස කටයුතු කරන පෙත්සම්කාර දිලුක මධුෂංක ජයසූරිය නැමැත්තා ගොනු කළ පැමි‚ල්ල මඟින් ලබා ගත් වාරණය නිසි පරිදි අධිකරණයට කරුණු නොදක්වමින් අධිකරණය නොමඟ යවමින් ලබා ගත් එකක් බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය දන්වා සිටි අතර කිසි ලෙසකින්වත් ක්‍රීඩා පනත උල්ලංඝනය කර නොමැති බවද කීය.