හේලිත - ඉමාෂා ‘හෝප්ස් වීක්’ මේසපන්දු ශූරතාවලියට යති


ඔස්ටි‍්‍රයාවේ පැවැත්වෙන තුන්වැනි ‘හෝප්ස් වීක්’ අභියෝගතා මේසපන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ හේලිත හෙඳවිතාරණ සහ ඉමාෂා ද සිල්වාට හිමිවී තිබේ.

ජූනි මස 10 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගීවීම සඳහා හේලිත සහ ඉමාෂා ඔවුනගේ පුහුණුකරු වන විරාජ් වික‍්‍රමසිංහ මහතා සමගින් හෙට (9 වැනිදා) ඔස්ටි‍්‍රයාව බලා පිටත්වීමට නියමිතය.

අවුරුදු 12 න් පහළ වයස් කාණ්ඩය නියෝජනය කරන හේලිත හෙඳවිතාරණ එම කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශී‍්‍ර ලංකාවේ දෙවැනි ස්ථානයේ පසුවන අතර එම වයස් කාණ්ඩයේම ශූරිය වන ඉමාෂා ද සිල්වා 12 න් පහළ ශ්‍රේණිගත කිරීම් වලට අනුව පෙරමුණේ පසුවෙයි.

අන්තර් ජාතික මේසපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම හෝප්ස් වීක් මේසපන්දු තරගාවලිය ජූනි මස 10 වැනිදා සිට 15 වැනිදා දක්වා වන පුහුණු කඳවුරකින් සහ ඉන් පසුව පැවැත්වෙන මේසපන්දු ශූරතාවලියකින් සමන්විත වේ.

මින් පෙර පැවති හෝප්ස් වීක් තරගාවලි දෙකටද ශ්‍රී ලංකාව සහභාගීවී තිබෙන අතර මෙවර තරගාවලිය සඳහා රටවල් 40 කට වැඩි ප‍්‍රමාණයක් තම සහභාගීත්වය තහවුරු කර තිබේ.

(*)