හේන් ගොවියා දෙවැනිවරටත් අලියෙක් මරයි


අනුරාධපුර තිරප්පනේ දයාගමදී සහ මිහින්තලේ ඉහළගමදී දළ ඇතකු හා අලි පැටවකු මරා දමා ඇතැයි වනජීවී නිලධරයෝ කියති.

බඩඉරිඟු හේනකදී විදුලිසැර වද්දවා අලියා මරා දමා ඇති බවත් අත්අඩංගුවට ගත් සැකකරු මීට කලින් ද අලියකු මරා දඬුවම් ලැබූ අයකු බවත් පොලිසිය පවසයි.

මිහින්තලේ දී වෙඩි තබා අලි පැටවකු මරා දමා ඇති බව කියති. මේ අතර වන අලි ප්‍රහාරයකින් විලච්චියේ ආර්.බී.පත්මසිරි රත්නායක (36) මිය ගිය බව මහවිලච්චිය පොලිසිය පවසයි.

මේ අතර  හල්දුම්මුල්ලට  වල් අලි එතියි ගැමියෝ පිරිසක්  හාල්දඩුතැන්නේ දී  උද්ඝෝෂණයක් ඇරඹුහ.

elephnt_20151223 elephnt_20151223-

ජායාරූප - අතුල බණ්ඩාර

saman_151223(1) saman_151223(2) saman_151223(3) saman_151223(4) saman_151223(5)

ජායාරූප - සමන් පාලිත නානයක්කාර