හෙළ ගීය වෙරෝනා නුවර රැව් පිළිරැව් දෙයි


‘හෙළ මියැසි ගී රාවය‘ ශාස්ත්‍රීය හා සරල ගී ප්‍රසංගය වෙරෝනා නුවර ස්තිමාතේ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

වෙරෝනා බෞද්ධ විහාරාධිපති උඩවලවේ ඥාණාන්ද,  බර්ලින් බෞද්ධ විහාරාධිපති ශාන්ත රක්ඛිත හිමිවරු ද වෙරෝනා කතෝලික සංගමය බාර රංජිත් ප්‍රනාන්දු පියතුමා ද කොළඹ සරසවියේ සිංහල අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය, මාලා විජේසූරිය, ඉරිදා ලංකාදීප උප කර්තෘ පී බී ඉලංගසිංහ, ප්‍රංශයේ ලංකාදීප එසැණ වාර්තාකරු සුනිල් ආනන්ද, සුනිල් ශාන්ත, මෝදනාහි වසන්ත කීර්තිරත්න මහත්ම මහත්මීහු ප්‍රධාන ආරාධිතයෝ වූහ.

බිමල් ප්‍රනාන්දු, චන්ද්‍රිකා නිශ්ශංක සහ මහින්ද ප්‍රේමලාල් සංවිධානය කළ ‘හෙළ මියැසි ගී රාවය‘ සංගීත ප්‍රසංගය සඳහා පර්මා සිලෝන් කොපරතිවා ආයතනය, මෝදනා ස්වර්ණමුතු ජුවලර්ස්, කොන්සිල්යෝ දෙල්ලා ස්ත්‍රානියේරි වෙරෝනා වෙන්නප්පු මිත්‍රත්ව සංගමය, ආයුබෝවන් වීයාප්පි ආයතනය, වෙරෝනා විහාරස්ථාන ආදයක සභාව අනුග්‍රහය දැක්වීය.

තබෝදා රංග ආයතනය රංගනයෙන් ද, චින්තක ඔබේසේකර හා සුදත් රෝහාන් කතනයෙන් ද, ඉසුරු චමිත් සහ සමිත් පෙරේරා ඡායාරූපකරණයෙන් ද ප්‍රෙෂ් ටීවී ආයතනය පටිගත කිරීමෙන්ද දායක විය. ලංකාදීප එසැණ පුවත්  , ලක්හිරු සහ ලංකාදීප පුවත්පත මාධ්‍ය දායකත්වය දැක්වීය.

වෙරෝනා හෙළ මියෑසි ගී රාවය සදහා තත්සර සංගීත රිද්මයට වෙරෝනා හා මිලානෝ නගරයන්හි ජිවත්වන  ගායක ගායිකාවන් වන සුනිල් මංචනායක චන්ද්‍රිකා නිශ්ශංක, උපාලි අත්තනායක, මහින්ද ප්‍රෙමලාල්, ගීතානි ප‍්‍රනාන්දු තිලකා සමරවීර, මිගාර සංජය, මිලාන් වර්ණකූලසූරිය ඇතුළුව ළමා ගායක ගායිකාවන් වන නෙත්මි ෆාලාවීයා, ආන්ජෙලා සේනාධි, ශලිනි වීදානාරචිචි, තරුෂ සිරිනිමල් කියාරා කාරියවසමි, ප‍්‍රසංගය සදහා තම හඩ මුසුකළහ. මෙහිදි ප‍්‍රවීණ ගායක ගායිකාවන් වන  පණ්ඩිත් අමරදේව, නන්දා මාලිනි, සුනිල් ඵදිරිසිංහ, වීක්ටර් රත්නායක, ඵචි ආර් ජොතිපාල දිපිකා ප‍්‍රියදර්ශනි නිර්මලා රණතූංග ප‍්‍රදිපා ධර්මදාස යන අයගේ ගීත ඔවුහු මෙහිදි ගැයුහ. වැසි සහිත දේශගූණික තත්ත්වය මත වුවද විශාල පිරිසක් ප‍්‍රසංගය නැරබිමට පැමිණහ. ශාස්ත‍්‍රිය හා සරළ ගීතයන්හි රසය නිහඩව විදගත් හාරසියයකට අධික පිරිසකට සංවිධායකයින් තම කෘතවේදීත්වය පුදකරන අතරම මෙවැනිම ප‍්‍රසංගයක් ඉදිරියේදි පැවැත්වීමට නියමිත අතර ඵ් සදහා ප‍්‍රවීන ගිපද රචක මහාවාර්ය සුනිල් ආරියරත්නයන්ට ආරාධනා කිරිමට සංවිධායකයින් බලාපොරොත්තු වේ.