හෙළ උරුමේ තුන් දෙනා ගියොත් ප්‍රශ්නයක්


බස්නාහිර පළාත් සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක්  පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයයේදී  අද (27) පස්වරු 1ට පැවැත්වීමට යයි.

ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරුන් තිදෙනා අය වැයට ඡන්දය නොදුන්නොත් පළාත් සභාවේ බලය පිළිබඳව අවදානමක් ඇති විය හැකි බැවින් අය වැය ඡන්දයේදි කටයුතු කළ ආකාරය පිළිබඳ මන්ත්‍රීවරුන්  දැනුම්වත්  කිරීම සඳහා මෙම රැස්වීම කැඳවු බව එහි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක සිසිර ජයකොඩි මහතා කියයි.

හෙළ උරුමයේ මන්ත්‍රී තිදෙනා ඉවත් වුවහොත් ආණ්ඩු පක්ෂයට බහුතරය  ආසන තුනකට අඩු  වන අතර එයද වෙනස් කැර ආණ්ඩු පක්ෂය පරාජය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවටද තොරතුරු ඇතැයි ප්‍රධාන සංවිධායක පවසයි.

අය වැය විවාදය සහ ඡන්දය දෙසැම්බර් පළමුවැනිදා සිට හතර වැනිදා  දක්වා පැවැත් වීමට නියමිතය.