බස්නාහිර පළාත් අය වැය විවාදයේ දී ඡන්දය භාවිත කිරීමෙන් වැලකී දිටීමට තීරණයක් ගෙන ඇතැයි ජාතික හෙළ උරුමයේ ආරංචි මාර්ග කියයි.
පාර්ලිමේන්තු අය වැයේ දීත් හෙළ උරුමය ඡන්දය දීමෙන් වැලකී සිටියේය.
ජාතික හෙළ උරුමයේ මන්ත්‍රී ධුර තුන අය වැයට පක්ෂව ඡන්දය භාවිත කිරීමෙන් වැලකී සිටියහොත් ආණ්ඩුවේ මන්ත්‍රී ආසන 60 මන්ත්‍රී ආසන 57 දක්වා පහත බසිනු ඇති බවත්, අය වැයේ දී ආණ්ඩුව පැරැද්දවීමේ කුමන්ත්‍රණයක් ඇති බවත් දේශපාලන ආරංචි කියයි.
මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ පළාත් සභාවේ බහුතරය වීමට අවශ්‍ය වන්නේ මන්ත්‍රී ආසන 53ක් බවයි. මන්ත්‍රී ආසන 57ක් හිමි ආණ්ඩු පක්ෂ පෙළරන්නට කිසිවකුට නොහැකි බව ද ඔහු කීවේය.

