හෙළ උරුමෙයි මුස්ලිම් කොංග්‍රසෙයි කැසිනෝ පනතට විරුද්ධයි


ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන කැසිනෝ සූදු පාලන පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට රජයේ කොටස්කරුවන් වන හෙළඋරුමය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කරයි.

තම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව මුස්ලිම් කොනංග්‍රසයේ හසන් අලී මහතා කියයි. මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අට දෙනාට මේ තීරණය දැනුම් දී ඇති බව ද ඔහු පවසයි.

හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කියනුයේ ඡන්දය ප්‍රකාශ නොකිරීමට තම පක්ෂය ද තීරණය කළ බවයි. ජාතික හෙළ උරුමයට පාර්ලිමේන්තුවේ ආසන දෙකක් හිමිය.