හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්වී පැය හතර හමාරක් පුරා පැවැත්වූ සාකච්ඡාවේ තීරණය හෙට පෙරවරු 10ට මාධ්‍යයට දැනුම් දෙන බව පක්ෂ ආරංචි කියයි.
අද පැවැති සාකච්ඡාවට පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සහභාගී නොවූ බවත්, අසනීප වී රෝහල් වී ප්‍රතිකාර ලැබීම ඊට හේතුව බවත්, උදේ 10ට පෙර පක්ෂයේ ප්‍රධාන කිහිප දෙනකු නැවත හමුවී කෙටි සාකච්ඡාවක් කර මාධ්‍ය අමතන බවත් හෙළ උරුමයේ ප්‍රකාශකයෙක් ‘එසැණ‘ට කීවේය.
අඟහරුවාදා (18) උදෑසන ප්‍රකාශයට පත් කිරීමට නියමිත එම තීන්දුව ගත්තේ රටේ අනාගතය ගැන සිතා මිස පටු පරමාර්ථවලින් නොවන බවත්, එම තීරණය සියලු දෙනාට වැදගත් තීරණයක් වනු ඇති බවත් ඔහු කීවේය.

