රජයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 94 කින් පරාජයට පත්විය.
යෝජනාවට පක්ෂව ඡන්ද 57 ක් ද විපක්ෂව 151 ක්ද ලැබිණි. ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස් පෙරමුණ ඡන්ද දීමෙන් වැළකී සිටි අතර එක්සත් ජාතික පක්ෂයේ කරූ ජයසුරිය හා මංගල සමරවීර මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියහ.

