හෙළ උරුමයට ජී ඇල්ගෙන් පිළිතුරු


ශ්‍රි ලංකාවේ විදෙස් ප්‍රතිපත්තිය දුර්වල නිසා ජිනිවා යෝජනාවෙන්  ශ්‍රී ලංකාව පැරදුන බව හෙළ උරුමයේ නායක ඔමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රකාශයට පිළිතුරු විදේශ ඇමති ජි එල් පිරිස් මහතා ඉදිරියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක රොඩ්නි පෙරේරා ලංකාදිප එසැණටපැවසීය.

ඒ සමගම රෝම තානාපති කර්යාලයයේ නිළධාරි හිගය ගැන විමසීමේදි ඔහු කියා සිටියේ තව දින කිහිපයකින් අලුත් නිලධරයින්  රෝමයට එවන බවයි. මාස කිහිපයක මුළුල්ලේ සිට රෝම තානාපති කාර්යාලයයේ නිලධාරින් හතර දෙනෙකුගෙ හිගයක් පවති. රෝම තානාපති කර්යාලයේ ඉදිරිපස කවුළු වල ලියවිලි බාරගන්නා ඇතැම් නිළධාරින්ගේ ක්‍රියා කළාපය නිසා තමන් බොහෝ අසරණ වී සිටිතියි ඉතාලියේ පදිංචි ශ්‍රි ලාංකිකයෝ  බෙහෝ  අවස්ථාවල ලංකාදිප එසෑණට පැවසුහ.