හෙළ උරුමය මෛත්‍රීගේ වැඩ කිරා බලයි


විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දිය යුතු ද නැද්ද යන්න ගැන ගැඹුරින් සිතා බැලිය යුතු බව ජාතික හෙළ උරුමයේ න්‍යායාචාර්ය උදය ගම්මන්පිල මහතා කියයි.

සිරිසේන මහතා හා සම්බන්ධව දේශපාලන පක්ෂ, බලවේග හා ඔවුන්ගේ මති මතාන්තර ද, කියුම් කෙරුම් ද සියුම් ලෙස සලකා බලා තීරණයක් ගත යුතුව ඇතැයි ඔහු කියයි.

සිරිසේන මහතා සමඟ සාකච්ඡා කිරීමට බලා පොරොත්තු වන බව ද ඔහු පවසයි.

ඔහු හා සම්බන්ධ ඇතැම් පුද්ගලයන් ගැන අවබෝධයක් ඇති බව ද ඔහු කියයි.

ජාතික හෙළ උරුමය  සන්ධානයේ තනතුරුවලින් අස්වූවා මිස සන්ධානයෙන් ඉවත් නොවූ බව ද ගම්මන්පිල මහතා පවසයි.