එක්සත් ජාතික පක්ෂය ,ජනතා විමුක්ති පෙරමුණ,ජාතික හෙළ උරුමය ,පිවිතුරු හෙටක් සඳහා වන සංවිධානය ඇතුළු විපක්ෂ සංවිධාන රැසක් අද (12) කොළඹ මුත්තයියා පිටියේදී රැස්වී ඒකාධිපති වාදයට එරෙහිව හඬ නැඟීය. විධායක ජනාධිපති ක්‍රමයට හා රාජපක්ෂ පාලනයට එරෙහිව නැඟී සිටින බවද ඒ කථිකයෝ කීහ.
තවමත් රජයේ හවුල්කාර පක්ෂයක් වන හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හා අතුරලියේ රතන පිවිතුරු හෙටක් සංවිධානයේ මාදුළුවාවේ සෝභිත හිමිවරුද එජාප නායක රනිල් වික්‍රමසිංහ ජනතා විමුක්ති පෙරමුණේ කේ ඩී ලාල් කාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග ,පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර,පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක,හිටපු අග විනිසුරු සරත් එන් සිල්වා මහත්වරුද පැමිණ සිටි අය අතර වුහ.
රතන හිමියන් හා ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ ජනපති පරාජය කිරීමට සැමදෙනාම එකතු විය යුතු බවයි.
රතන හිමියන් කියා සිටියේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා කවුදැයි තීන්දු කිරීමේ බලවේගයේ උපත වශයෙන් මෙම රැළිය හැඳින්විය හැකි බවයි.
ජයමාල් චන්ද්‍රසිරි
ගයාන් අමරසේකර




















