හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමුවා ගෲප් කපිතාන් නිලයට


(සුජිත් හේවාජුලිගේ සහ ගයාන් සූරියආරච්චි)

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් ගුවන් නියමු ගුවන් හමුදාපතිවරයා විසින්  වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා ගෲප් කපිතාන් නිලයට උසස් කරනු ලැබ ඇත.

ඔහුගේ ආදර්ශමත් සේවය සහ රාජකාරිය සඳහා වූ කැපවීම ඉහළම ගෞරවයෙන් සලකන  බව   ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.