හෙලිකොප්ටරය කැඩේ : මින්නේරි යන්න බැරිවේ


ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් අනුරාධපුර ථූපාරාමය අසළ ක්‍රීඩා පිටියේ දී දැන් අලුත්වැඩියා කරගෙන යයි.

පොළොන්නරුව බලා පිටත් වීමට නියමිත වූ මෙම හෙලිකොප්ටරය කාර්මික දෝෂයක් නිසා ගුවන් ගත කළ නොහැකි වූ බව ගුවන් හමුදා ආරංචි කියයි.

මහින්ද රාජපක්ෂ ජනපති අද සවස එම ක්‍රීඩා පිටියේ සිට පොළොන්නරුව බලා ගුවනින් පිටත්ව ගියේය.