හෙල්ල ඇනී ශිෂ්‍යාව රෝහලේ


හෙල්ල විසි කිරීම පුහුණු වෙමින් සිටි තලල්ල උතුර සද්ධර්මරාජ නවෝද්‍යා පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම් ඒ හර්ෂනී දිල්රුක්ෂි (16) ශිෂ්‍යාවගේ දනහිසෙන් පහල මස්ගොබයේ හෙල්ලය ඇනී මාතර රෝහලට ඇතුළු කළ පසු කරාපිටිය රෝහලට මාරු කර යැවූ බව රෝහල් පොලීසිය කියයි.

ඇය හෙල්ලයද සමග රෝහලට ඇතුළු කළ බව පාසල් ආරංචි සඳහන් කරයි.