හෙල්මට් නීතිය දෙකට දෙවාරනේ


ෆුල් ෆේස් හෙල්මට් නීතීය අද (02) සිට බල පැවැත්වෙන නමුත් නීතීය අකුරටම ක්‍රියාත්මක නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

එවැනි හෙල්මට් පැළැද යන යතුරුපැදිකරුවන්ට දින කිහිපයක් අවවාද කරන බවත් අවශ්‍ය වුහොත් දඩ කොළ ද නිකුත් කරන බත්ව ඔහු පවසයි.

අද යතුරු පැදිකරුවන් බොහෝ දෙනෙක් වෙනත් හෙල්මට් පැළැද ගමන් බිමන් ගිය බව පෙනිණි.

ෆුල් ෆේස් හෙල්මට් පැළැද සිටි යතුරු පැදිකරුවන් නවතා පොලීසිය උපදෙස් දෙන අයුරු දැක ගැනීමට හැකි විය.

යුද සමයේ වරින්වර හෙල්මට් නීතීය ඉවත් කැරිණි.

ෆුල් ෆේස් හෙල්මට් තහනමට එරෙහිව මාතර තරුණ බෞද්ධ සංගමය මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ද ඉදිරිපත් කැර ඇත.හෙල්මටයක් නොමැතිව යතුරු පැදියක් පදවන්නකුට රුපියල් 500ක දඩ කොළයක් නිකුත් කැරේ.

එවැනි පුද්ගලයකුට උසාවියේ නඩුවක් පැවැරිමෙන් පසු දඩය රුපියල් 2500 දක්වා වැඩි වීමට ඉඩ ඇතැයි පොලීසිය කියයි.

 DSC05557 DSC05558 DSC05576 DSC05587 vlcsnap-2015-04-02-10h50m16s89