හෙල්මට් නැතිව නොඑන ගමන් යති


කැකිරාවේ ඉපලලෝගම ගෝන පතිරාවේදී යතුරුපැදි දෙකක් හැප්පී හමුදා සෙබළකු ඇතුළු දෙදෙනෙක් මරුමරුවට පත් වූහ.

තිදෙනෙක් තුවාල ලදහ.

හමුදා සෙබළ විසින් පැදැවුණු යතුරු පැදියේ තිදෙනෙක් ද, ගොවියකු විසින් පැදැවුණු යතුරු පැදියේ දෙදෙනෙක් ද සිටි බවත්, ඔවුන් එක් අයකුටවත් හෙල්මට් නොතිබූ බවත් පොලීසිය පවසයි.

ගොවියා කුඹුරේ සිට ගෙදරට යමින් සිටියේය. සෙබළා ඇතුළු පිරිස සංගීත සංදර්ශනයක් බලන්නට යමින් සිටියහ.

තවත් දෙදෙනකුගේ තත්ත්වය බලපතල බව රෝහල් ආරංචි කියයි.

මළසිරුරු සේනපුර රෝහලේ තබා ඇත.

අනුරාධපුර රෝහලට ද දෙදෙනකු ඇතුළු කරනු ලැබූහ.