හෙරෝයින් - අයිස් මත්ද්‍රව්‍ය සමඟ තිදෙනෙක් පොලිස් දැලේ


(එච්.එම්.ධර්මපාල)

හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු අද (18) ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලිසිය පැවසීය.

මෙම පුද්ගලයින් තිදෙනා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 720 ක් , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35 ක් , ජංගම දුරකථන 6 ක් , රත්තරන් පවුම් 6 ක් සහ රුපියල් 325000 මුදලක් පොලිස් බාරයට ගත්බව ගල්කිස්ස පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිවල , බඩෝවිට , රාජගිරිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 21 ත් 34 ත් අතර පසුවන පුද්ගලයින් බව පොලිසිය පැවසීය.

මෙම පුද්ගලයින් දෙහිවල , රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු වල නිරත වී ඇතැයි සිදුකරගෙන පරීක්ෂණ වලදී හෙළිවී ඇති බව පොලිසිය කීය.