හෙරොයින් සැකකරු ලණු දමා බැඳ නහවයි


හෙරොයින් කුඩු සැකකරුවකු මිනිස් මල ඇඟපුරා තවරා ගෙන පොලිසියට කළ අභියෝගය පරාජය කිරීමට මොරටුව පොලිසිය සමත් විය.

43 වැනි වරට පොලිසියට අසු වූ ඔහු පොලිස් සිර මැදිරියේදී මිනිස් මළ ඇඟපුරා ගාගෙන, කවර දෙකකට මිනිස් මළ පුරවාගෙන කලහ කාරී ලෙස හැසිරෙද්දී, පොලිසිය උපක්‍රම ශීලීව ලණු දමා බැඳ නහවා අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකරු ලබන 15 තෙක් රිමාන්ඩ් කරන ලෙස මොරටුව වැඩබලන මහේස්ත්‍රාත් ජෝසප් ප්‍රනාන්දු මහතා නියෝග කළේය.