( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් දහතුන් ලක්ෂයකට අධික හෙරොයින් මත්කුඩු ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු දෙමටගොඩ සුපිරි වෙළෙද සලක් අසළදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත කළ පරීක්ෂාවකදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
දෙමටගොඩ නගරය ආසන්න ස්ථානයකදී පුද්ගලයකුට හෙරොයින් ලබාදිමට පැමිණ සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර 28 හැවිරිදි සැකකරු මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.