හෙරොයින් ග්‍රෑම් 246.14 ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් 2012 නොවැම්බර් මාසයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත් අඩංගුවට ගනු ලැබූ පූජිත රංග සම්පත් නමැත්තාට අද (9) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මරණීය දණ්ඩනය නියම කළේය.
පකිස්තානයේ සිට ගෙන එන හෙරොයින් මෙරටදී විකිණූ මෙම පුද්ගලයා පකිස්තාන ජාතිකයකුගෙන් හෙරොයින් ලබාගැනීමේදී අත් අඩංගුවට ගැනුණි.

