හෙරොයින් කිලෝ 111 ක් ගෙනාවාට නඩු


හෙරෝයින් කිලෝ 111ක් ලංකාවට රැගෙන ඒමේදී  අත්අඩංගුවට ගන්නා ලද පාකිස්තාන ජාතිකයා ඇතුළු පිරිසට එරෙහිව නඩු පැවරීමට නීතීපතිවරයා කටයුතු කරමින් සිටින බව රජයේ  ජ්‍යෙෂ්ඨ නීතීඥ සුහර්ෂි හේරත් මහත්මිය කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතාට අද (18) දැනුම් දුන්නාය.

2015 වසරේ අපේ‍්‍රල් මාසයේදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබු අතර සැකකරුවන් මේ දක්වා රිමාන්ඞ් බාරයේ පසුවිය. එම සැකකරුවන්ගෙන් තිදෙනෙකු තමන්ට ඇප නියම කරන ලෙස ඉල්ලමින් ඇප අයැදුම් පත් ඉදිරිපත් කොට තිබිණි.

ඇප ඇයැදුම් පත‍්‍ර කැඳවනු ලැබු අවසථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුහර්ෂි හේරත් මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට අදාළව කළ පරීක්‍ෂණ කටයුතු අවසන් කර ඇති බව සඳහන් කළාය.