(සිතුම් චතුරංග)
වවුනියාව නගරයේ පාසල් හා රාජ්‍ය ආයතන ආසන්නයේ හෙරොයින් මත්කුඩු ජාවාරම් නිරතවූ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනකු හෙරෝයින් සමඟ අද (14) වවුනියාව නගරයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
අත්අඩංගුවටගත් අඹුසැමි යුවල වවුනියාව නගරයේ රාජ්‍ය ආයතන කිහිපයක් ආශ‍්‍රිතව ටයර් වැඩපොළක් පවත්වාගෙන යන මුවාවෙන් දීර්ඝ කාලයක සිට හෙරෝයින් ජාවාරම සිදුකරගෙන ගොස් ඇත.
ජාවාරමේ නිරත අඹුසැමියුවලගේ නිවස මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර ඔවුන් විසින් කොළඹ ප‍්‍රදේශයේ සිට මත්කුඩු රැගෙනවිත් කුඩා පැකට් ලෙස සකසා එක් හෙරෝයින් පැකට්ටුවක් රුපියල් 2000 අධික මුදලකට වවුනියාව ප‍්‍රදේශයේ තරුණයින් වෙත අලෙවි කර තිබේ.

