හෙරොයින් සමඟ කටුනායකදී අයෙක් මාට්ටු


(ටී.කේ.ජී.කපිල )

රුපියල් හය කෝටි අනූ දෙලක්ෂ හතලිස් දහසක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද  (14 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ඒවා පිට කර ගෙන යමින් සිටියදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු රඹුක්කන , හේවාදිවෙල ප්‍රදේශයේ පදිංච් 28 හැවිරිදි දුරකථන අලුත්වැඩියාකරන්නෙකි .

 මොහු අද අලුයම 12.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ව්‍යාජ පතුලක සගවා ගෙන  මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 308 ක ප්‍රමාණය සඟවා ගෙන සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .