මුහුදුබඩ දුම්රියට නැඟුණු කාන්තාවකගේ බෑගයක් ළඟ තබා ගත් ගැබිනි කතක හා ඇගේ මිතුරියන් දෙනො ද රන් වළල්ලක් සොරාගත්තැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.
අතරමඟදී බෑගය අයිතිකාරියට දී වෙනත් මැදිරියකට ගිය එම තිදෙනා අලුත්ගමදී දුම්රියෙන් බැස යද්දී අත්අඩංගුවට ගෙන වළල්ලද සොයා ගැනීමට පොලීසිය සමත් වුයේ අයිතිකාරිය 119 ට දුන් ඇමැතුමක් නිසාය.

