හෙයියන්තුඩුවේ රාජා යලි උපදී


හෙයියන්තුඩුවේ රාජා හස්ථියා මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරේ වසර දහයකට ආසන්න කාළයක් නොකඩවා ශ්‍රී දළදා කරඩුව වැඩම කරවා 2012 දී මිය ගියේය.

‘‘හෙයියන්තුඩුවේ රාජා හස්ති රාජයාගේ අස්ථි පද්ධතිය එකලස් කොට  කෙළඹ කෞතුකාගාරයේදී මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරිණ. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරීය,ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න, ඌව පළාත් මහ අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු ඊට එක් වූහ.

1945 දී හම්බන්තොට කට්ටකඩුවාවට කැලයෙන් අල්ලා ගත් මේ ඇතා හෙයියන්තුඩුවේ ඩබ්ලිව්.ආර්. ගුණසේකර රෙජිස්ට්‍රාර් රාළහාමි විසින් 1945 දී මාර්තු 06 දින හම්බන්තොට කච්චේරියේදී ප්‍රසිද්ධ වෙන්දෙසියකදී රුපියල් දසදහස් පන්සීයකට මිලට ගෙන ඔහුගේ බාල පුත්‍රයා වන හෙන්රි ගුණසේකර මහතාට මෙම ඇතා පවරා ඇත.