හෙම්බිරිස්සාව සෑදී නිවසේ සිටි බිලිඳිය මිය ගිහින්


(ගයාන් සූරියආරච්චි)

සෙම්ප්‍රතිශ්‍යාව වැළදී නිවෙසේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 3 ක බිළිදියක මියගොස් ඇති බව මාරවිල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ දෙමටපිටිය, ධම්මිකගම ප්‍රදේශයේ පදිංචි එච්.ජී. නදිනි දිල්හානි  නැමැති මාස 3 ක බිලිදියකි.

මියගිය බිලිදියගේ මවුපියන් කොහු මෝලක වැඩකරනු ලබන යුවළක් වන අතර මෙම බිලිදිය ඔවුන් දෙදෙනාගේම දෙවන විවාහවල දරුවකු බව පොලිසිය පවසයි.

මෙම බිලිදිය සෙම්ප්‍රතිශ්‍යාව වැළදී නිවසේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර දැරිය මවුපියන් සමග නිවෙසේ බිම නිදාගෙන සිට ඇති අතර දැරියගේ නාසයෙන් ලේ සහ කිරි වැනි ද්‍රව වර්ගයක් ගලාගොස් තිබූ බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.