හෙදියන් නැතුව නුවරඑළි රෝහල ලෙඩ වේ


නුවරඑළිය රෝහලේ හෙදියන් සියයකගේ පමණ හිඟයක් ඇතැයි රෝහල් ආරංචි කියයි.

හෙද හෙදි අවශ්‍යතාවය 250ක් වුවත් දැනට සිටින්නේ 171 දෙනකු බවත්, එයින් ද 20 දෙනකු ප්‍රසූත නිවාඩුද, 18 දෙනකු ස්ථාන මාරු ලබා ඇති බවත් වාර්තා වේ.

අවම සේවයක් පවත්වා ගැනීමට නම් අඩුම ගනනේ තවත් හෙදියන් පනස් දෙනකුවත් අවශ්‍ය බව වෛද්‍යවරුන්ගේ අදහසයි.