හෙදි හිඟය මැද්දේ සූතිකා පුහුණුවට පනහක්


කොළඹ ජාතික රෝහලේ හෙදි හිඟය 300 ඉක්මවා තිබියදී සූතිකා පුහුණුවට හෙදියන් 50ක් තෝරාගෙන ඇතැයිද ඒ නිසා රෝහලේ දිනපතා වැඩට බාධා පැමිණිය හැකි යැයි ද වාර්තා වේ.

සූතිකා පුහුණුවේ කාලය වසරකි. හෙදි හිඟය නිසා දැනටද දැඩි සත්කාර ඒකක ඇඳන් ප්‍රමාණය අඩු කර ඇතැයි රෝහල් ආරංචි කියයි.