හෙද හෙදියන්ට පවතින වෘත්තීය ගැටලූ සඳහා වසර ගණනාවක් තිස්සේ විසඳුම් ලබානොදීම සම්බන්ධයෙන් විරෝධය පා හෙට (7) සිට විරෝධතා දෙසතියක් ප‍්‍රකාශයට පත්කරන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.
පවතින ව්‍යවස්ථාවේ ඇති ගැටලූ නිවැරදි කරමින් නව හෙද ව්‍යවස්ථාවක සැකසීම, හෙද හෙදියන්ගේ වැටුප් විෂමතා ඉවත් කර හිග වැටුප් ලබාදීම, වසර 5න් 5ට උසස් වීම් ලබාදීම, අතිකාල ගෙවීම් සම්බන්ධයෙන් පවතින ගැටලූ විසඳීම ආදී වශයෙන් වසර ගණනාවක් තිස්සේ කළ ඉල්ලීම්වලට මෙතෙක් විසඳුම් ලැබී නැති බැවින් මෙම ක‍්‍රියාමාර්ගය ගන්නා බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා පැවසීය.

