හෙද සංගමය නයිටිං ගේල් ප්‍රතිඥාව පසෙකින් තබයි


හෙද සේවයේ නිර්මාතෘ  ‘ෆ්ලොන්ස්  නයිටිං ගේල් ’සමරුව  රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය කොළඹ මහජන පුස්තකාලයේදී අද සැමරිය.

අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ,එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා  යන මහත්වරු  මෙම අවස්ථාවට එක් වු අතර  ඔවුන් දේශනද  පැවැත් වුහ.

රජයේ හෙද නිලධාරින්ගේ  සංගමයේ සභාපති  සමන් රත්නප්‍රිය  මහතා පැවසුයේ ‘නයිටින් ගේල් ප්‍රතිඥාව’මදකට පසෙකින් තබා  ජනතාව වෙනුවෙන්  යහපත් හෙද සේවයක් උදෙසා තමන් සටන් කරන බවයි.ඒ සඳහා අකමැත්තෙන් වුවද  නයිටින්ගේල් ප්‍රතිඥාව ට පිටු පා  වෘත්තිය අයිතීන්  දිනා ගැනීමට සිදු වී ඇති බව ද ඔහු පැවසීය.